සිංහ සලකුණෙන් ඔලිම්පික් පිටියට නවකයෙක්

අප්‍රේ 18, 2024
    මෙම වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමට බැඩ්මින්ටන් ක්රීඩක විරේන් නෙත්තසිංහ සමත් වුණා.

    පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලට සුදුසුකම් ලැබූ පළමු ශ්රී ලංකා ක්රීඩකයා වන්නේද විරේන් නෙත්තසිංහයි.

    ඔලිම්පික් ක්රීඩා උළෙලට අවශ්ය පරිසාදන මට්ටම සපුරාලීමට විරේන් නෙත්තසිංහ පසුගිය මාස කිහිපයේදී ලොව පුරා තරගාවලි සදහා සහභාගි වුණා.
     
    මෙවර පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලේ බැඩ්මින්ටන් ක්රීඩකයින් 38 දෙනෙකුට පරිසාදන මට්ටම පසුකර සෘජු ලෙස ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනවා.
    ඒ අනුව විරේන් ඊට සුදුසුකම් ලැබුවේ 32 න්නා ලෙසින්. ඔහු තවමත් 20 හැවිරිදි ක්රීඩකයෙක්.
     
    ඔහු ඉතිහාසයට එක් වන්නේ ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබූ මෙරට ලාබාලතම බැඩ්මින්ටන් ක්රීඩකයා ලෙසයි.
     
    2012 වසරේ නිලූක කරුණාරත්නගෙන් අනතුරුව පරිසාදන මට්ටම පසුකර සෘජුවම ඔලිම්පික් වරම්දිනූ පළමු ශ්රී ලංකා බැඩ්මින්ටන් ක්රීඩකයා වන්නේද විරේන් නෙත්තසිංහයි.