බ්‍රසීලයේ ජනපති පුටුව දක්ෂිනාංශික අපේක්ෂකයාට

ඔක් 29, 2018

    බ්‍රසීල ජනාධිපතිවරණයේ ජය අන්ත දක්ෂිනාංශික අපේක්ෂක ජෙයිර් බොල්සෝනාරෝට හිමිව තිබේ.

    සියලු ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන්වීමෙන් අනතුරුව, ජෙයිර් බොල්සෝනාරෝ 55%ක සමස්ත ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවයි, වාර්තා වන්නේ. බ්‍රසීල ජනාධිපතිවරණයේ අවසන් වටයේ ඡන්ද විමසීම ඊයේ සිදු කෙරුණි.

    ජෙයිර් බොල්සෝනාරෝ මැතිවරණය නිසැකවම ජයගනු ඇති බවටයි, මත පළව තිබුණේ. කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රතිවාදියා වූ කම්කරු පක්ෂ අපේක්ෂක ෆර්නෑන්ඩෝ හැඩාඩ් ලබාගත් ඡන්ද ප්‍රතිශතය 45%ක්. බ්‍රසිලය තුළ දූෂණ හා අපරාධ මුලිනුපුටා දැමීම තම අභිප්‍රාය බවයි මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර ජෙයිර් බොල්සෝනාරෝ ප්‍රතිඥාදී ඇත්තේ. මැතිවරණ සමය පුරා බ්‍රසීලයේ විරෝධතාවන් රැසක් උද්ගත විය.

    වර්තමානයේ ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති ජෙයිර් බොල්සෝනාරෝට මැතිවරණ රැලියක දී පියි ප්‍රහාරයකට ගොදුරු වීමටද සිදුවිය.

    ජයග්‍රහණයෙන් අනතුරුව ජෙයිර් බොල්සෝනාරෝ කියා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස් රාජ්‍යයක් නිර්මාණය කිරීමට තමන් කටයුතු කරන බවයි.

    Latest News