සීගිරි නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් හට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව ලබන 15 වන දා සිට උදෑසන 6.30 ට ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පවසයි.

අවම පහසුකම්වත් නොමැතිව ක්‍රීඩා කටයුතු සදහා සහභාගී වන උඩුගම විද්‍යානන්ද විද්‍යාලයේ ළමුන් පිරිසකගේ ඡායාරූප ෆේස් බුක් වෙබ් අඩවියේ පළවී තිබෙනු දුටු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා එම පාසලේ ළමුන්ට ක්‍රීඩා උපකරණ කට්ටලයක් පරිත්‍යාග කළේය.

20 වැනි නවදිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළ සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන නාට්‍ය කණ්ඩායමට ගුවන් ටිකට්පත් සඳහා අනුග‍්‍රහය ලබාදීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මුදලට පිටස්තරයෙකුගේ දරුවෙක් වැදීමෙන් පසු එම දරුවා හදාවඩා ගැනීමට නියෝගයක් ලැබුණු සිදුවීමක් කාම්බෝජියාවෙන් වාර්තාවේ.

මෙරට කුඹුරු ඉඩම්, චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනිමින් පරිගණක සිතියම්කරණය ආරම්භ වී තිබේ.

ලාදුරු, නිසි ප්‍රතිකාර කිරීමෙන් සුව කළ හැකි රෝගයක් බව, විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කරයි.

රට වැසියන්ට සෙත්පතා දඹානේ ආදිවාසීන් ඉදිරිපත් කළ "කිරිකොරහ" ශාන්ති කර්මය ඇතුළු සංස්කෘතික ප්‍රසංගයක් ඊයේ (04) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.

මේ දකින්නේ අත් දෙකක් ලෙස විශේෂයෙන් වර්ධනය වූ වරල් සහිත අපූරු සත්වයෙක්. පිහිනීමකට වඩා සෙමින් ඇවිදීමක් වැනි ගමන් රටාවක් මේ මත්ස්‍යයන්ට තිබේ.

පමාවි හිරුපායන බවට ප්‍රකට බදුල්ල දිස්ත්‍රික්කයේ, පස්සර, කොහොනාවල අති දුෂ්කර ගම්මානයකි.

ඊජිප්තුවේ මින්යා ප්‍රදේශයෙන් මමීකරණය කරන ලද සිරුරු 50ක් සොයා ගැනීමට පුරා විද්‍යාඥයින් සමත්ව තිබේ.

සේදමාවතේ රටවල කීර්තිමත් තානාපතිවරයාට හිමි සම්මානය චීනයේ බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ශානි කරුණාරත්න මහත්මිය හිමිකර ගනී. සම්මාන උළෙල චීනයේ බෙයිජිං නුවරදී උත්කර්ශවත් ලෙස පැවැත්විණ.

විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් Wi-Fi සංඥා විද්‍යුතය බවට හැරවිය හැකි උපරකණයක් නිපදවයි.

සිංහරාජ ලෝක උරුම වනභූමිය ශ්‍රී ලංකාවට මෙන්ම ඊට ආවේණික ශාක, ජීවින් මෙන්ම පක්‍ෂීන් සමූහයකට උරුමකම් කියනවා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සුරක්ෂිත ලෙස විදේශ රැකියා සඳහා යොමුවීම පිළිබඳ ජාතික මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන ඊයේ ආාරම්භ කෙරිණ.

ජාන වෙනස් කළ කිකිළියන් මගින් පිළිකා සුවකිරීමේ හැකියාව ඇති බිත්තරක් නිර්මාණය කිරීමට පර්යේෂණකයන් පිරිසක් සමත්ව තිබේ.

උස් ගොඩනැගිල්ලක සිට අධි අවදානම් පිම්මකින් පොළොව කරා පැරිෂුට්ටයක් ආධාරයෙන් පැමිණීමට යුද හමුදාවේ නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු මේ දිනවල සූදානම් වේ.

තාක්ෂණය පදනම් කරගත් දැනුම් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලියට විශාල වශයෙන් ඒකාබද්ධවීමට හැකිවන අයුරින් තාක්ෂණ නගර ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.

සිංහරාජ, ලෝක උරුම වනභූමිය ආශ්‍රිතව වෙසෙන වන අලීන් දෙදෙනාගෙන් එක් අලියෙකු අතුරුදන් බවට පළවූ වාර්තා අසත්‍ය බව, තහවුරු වී තිබෙනවා.

උත්තර ධ්‍රැවයට ආසන්න අයිස් තට්ටු දියවීම වේගවත් වී ඇතැයි නවතම අධ්‍යයනකින් හෙළි වී තිබේ.

ජාතික රූපවාහිනියේ “Earth Watchman“ රුක් රෝපණ ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල කිලිනොච්චියේ දී හෙට පැවැත්වේ.

Latest News