ලංකා බැංකුව ගිය වසරේ 28%ක වර්ධනයක්

අගෝ 03, 2021

    ලංකා බැංකුව ගතවූ වසරේ සියයට 28ක වර්ධනයක් අත්කරගෙන ඇතැයි, එහි සභාපති කාංචන රත්වත්තේ මහතා පවසයි. බැංකුවේ 82 වැනි සංවත්සර උත්සවයේ දී ඔහු ඊයේ මේ බව කියා සිටියේය.

    ලංකා බැංකුවේ 82 වැනි සංවත්සර ප්‍රධාන උත්සවය පැවැත්වුණේ,කොටුව ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ දී. ජාතියේ මහා පහන් ටැඹ ලෙස විරුදාවලි ලත් ලංකා බැංකුව, මෙරට ආර්ථිකය නගාසිටුවීමට මහගු සේවයක් ඉටු කරයි.

    දිවයින පුරා බැංකු ශාඛා 2000 කට වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන යන අතර, විදෙස් රටවල් කිහිපයක ද ලංකා බැංකු ශාකා පිහිටුවා තිබේ.

    සේවක සංඛ්‍යාව 9,000ක් පමණ වෙයි. ඉකුත් වසරේ බැංකුවේ බදු පෙර ලාභය රුපියල් බිලියන 23.6ක් වෙයි. වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 3ක්.

    මෙරට කොවිඩ් ඒන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීමට එන්නත් ආනයනය සඳහා ද ලංකා බැංකුව සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබේ.

    ඊයේ පැවති උත්සවයේ දී ලංකා බැංකුවේ ජ්‍යේෂ්ඨ සේවක සේවිකාවන්ට තිළිණ ප්‍රදානය කෙරිණ. ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී.පී.කේ.ගුණසේකර මහතා ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියේය.

    Latest News