මෙවර ශීත සෘතුවේදී මේ දක්වා මොංගෝලියාවේ සතුන් මිලියන දෙකකට වඩා මිය ගොස් ඇති බව රජයේ නිල ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ගුජරාට් ප්‍රාන්තය ආසන්නයේ අරාබි මුහුදේදී ක්රිෂ්ණ දෙවියන්ට විශේෂ පූජාවක් පැවැත්වීමේ වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
තම ධුර කාලය අවසන් වූ වහාම, ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව සෙනගාලයේ ජනාධිපති මැකී සෝල් පවසනවා.
රුසියානු "A-50" වර්ගයට අයත් හමුදා ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම හෙළු බව, යුක්රේනය පවසනවා. රුසියානු - යුක්රේන යුද්ධය ආරම්භ කොට අද දිනට වසර 2 ක් සැපිරෙනවා.
ඉරානය විසින් රුසියාවට බැලස්ටික් මිසයිල සිය ගණනක් සපයා ඇති බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.
ස්පාඤ්ඤයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ලෝක ආහාර වැඩසටහන උතුරු ගාසා තීරයට ආහාර බෙදාදීමේ වැඩසටහන තාවකාලිකව නතර කර තිබෙනවා.