ලොව පුරා මිලියන ගණනක රසික ප්‍රජාවගේ ජනාදරයට පත් Vlog නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විදහාපාන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යට නිකුත් කර තිබෙනවා.
චීනයේ සිදු වූ භූමිකම්පාවකින් පුද්ගලයින් 116 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 220 දෙනෙක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

උතුරු කොරියාව දිගු දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

ගාසා තීරයට බෝම්බ හෙලීම නතර කරන ලෙස බටහිර රටවල් රැසක් ඊශ්රායලයෙන් ඉල්ලා තිබෙනවා. ජර්මනිය, ප්රංශය සහ එක්සත් රාජධානියේ විදේශ ඇමතිවරු ඊයේ ඒකාබද්ධ ප්රකාශයක් නිකුක් කරමින් මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔස්ට්රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්තයට ධාරානිපාත වාර්ෂාවෙන් දැඩි ගංවතුර තත්වයක් හටගෙන තිබෙනවා.
Congratulations Kilmisha...?????
ඉන්දියාවේ, Zee Tamil රූපවාහිනී නාලිකාව සංවිධානය කළ 'සරිගමපා ලිට්ල් චෑම්ප්' රියැලටි වැඩසටහනේ කිරුළ දිනා ගැනීමට ශ්රී ලාංකික දැරියක් වන කිල්මීෂා සමත්වුණා.

ලෝකයේ ප්‍රධාන රූ රැජිණ තරගාවලි 04 අතරින් Miss Earth තරගයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මෙවර මෙම තරගාවලිය පැවැත්වෙන්නේ වියට්නාමයේදී.

ගාසා තීරයේදී සිය හමුදාව අතින් මරුමුවට පත් ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් තිදෙනා ඝාතනයට ලක්වන අවස්ථාවේදී සුදු කොඩියක් අතැතිව සිටි බව, ඊශ්‍රායල හමුදා නිලධාරියෙකු කියා සිටිනවා.

ලිබියාවට ආසන්න මුහුදු තීරයේදී සංක්‍රමණික යාත්‍රාවක් පෙරළීමෙන් 60කට අධික පිරිසක් අතුරුදන්වී තිබෙනවා.

හමාස් සටන්කරුවන් යටතේ සිටි ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ඊශ්‍රායල හමුදාවේ අත්වැරදීමකින් ඝාතනය වී තිබෙනවා.

බීජිං හි අධික හිම පතනය මධ්‍යයේ උමං දුම්රිය දෙකක් එකිනෙක ගැටී තිබෙනවා.

හමාස් සංවිධානය සමග යුද්ධය තවත් මාස කිහිපයක් පැවතිය හැකි බවට ඊශ්රායල ආරක්ෂක අමාත්යවරයා පවසනවා. ඔහු අවධාරණය කරන්නේ, යුද්ධයෙන් නියත ජයක් ලබාගන්නා බවයි.

බාහිරින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ ඉන්දියානු පාර්ලිමේන්තු ගර්භයට කඩාවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාම ජනාධිපති Vo Van Thuong මහතා සමග සාකච්ඡාවක් පවත්වයි.  එය හැනොයි අගනුවර ජනාධිපති මන්දිරයේ දී ඊයේ පෙරවරුවේ   (13) පැවැත්විණ.

‍‍‍‍‍ඉන්දීය පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාවට, අද බරපතල තර්ජනයක් එල්ල වුණා. ඒ, බාහිර පුද්ගලයන් දෙදෙනෙකු, පාර්ලිමේන්තු ගර්භයට කඩාවැදීමත් සමගයි.

ඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රාන්තයට මාස කිහිපයක සිට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් 176 දෙනෙකු මියගොස් තිබෙනවා.

ගාසා තීරයට වහාම මානුෂීය සටන් විරාමයක් ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ සම්මත කළා. මෙය, ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය බැඳීමක් නොවන අතර, ජාත්‍යන්තර ජනමතය ප්‍රබල මිනුමක් ලෙසයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ලොව පුරා ව්‍යවසායකත්වය සමරමින් හා සවිබල ගන්වමින් වාර්ෂිකව ක්‍රියාත්මක වන “ගෝලීය ව්‍යවසායකත්ව සතිය” (Global Entrepreneurship Week) පසුගිය නොවැම්බර් 13 සිට 19 දක්වා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක සාර්ථකව පැවැත්විණි.

ඊශ්රායල යුද ටැංකි ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත තවදුරටත් ගමන් කරමින් සිටින බව, විදෙස් මාධ්ය වාර්තා කරනවා.

ගාසා තීරයේ අඛණ්ඩව සටන් පැවතීම හේතුවෙන් එහි ජනගහනයෙන් හරි අඩක  පිරිසක් දරුණු කුසගින්නෙන් පෙළෙන බව, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා.

Latest News