ඔස්ට්රේලියාවේ රන් ආකර පතලක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

සති තුනක කාලයකට පසු පළමු වරට උතුරු ගාසා තීරයට ආහාර බෙදා හැරීම සඳහා නව ගොබිම් මාර්ගයක් යොදාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ලොව විශාලතම වෘක්‍ෂය ලෙස සැලකෙන "යෝධ රෙඩ්වුඩ්ස්" ගස මේ වන විට එක්සත් රාජධානිය තුළ වඩාත් සක්‍රීයව ව්‍යාප්ත වෙමින් පවතිනවා.

අමෙරිකාව ඩොලර් මිලියන 300 ක් වටිනා යුද ආධාර යුක්‍රේනයට ලබා දීමට තීරණය කර ඇති බව, ධවල මන්දිරය නිවේදනය කරනවා.

හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය තනතුරෙන් අස්වීමට එකඟ වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය සාර්ථකව නිමාවට පත්වෙයි.

ස්විට්සර්ලන්තයේ, ඇල්ප්ස් කඳුකර ප්රදේශයේ හිම මත ලිස්සා යාමේ ක්රීඩාවේ යෙදුනු 6 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ඔවුන් සොයා මෙහෙයුම් ක්රියාත්මකයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ගංවතුරෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


ගාසා තීරයට ඊයේ ගුවනින් හෙළන ලද ආධාර තොගයකට යට වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

දකුණු යේමනයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

හයිටි රාජ්‍යයේ පෝට්--ප්‍රින්ස් අගනුවර අන්තර්ජාතික ගුවන් තොටුපළ අත්පත් කර ගැනීමට සන්නද්ධ කල්ලි උත්සහ දරනමින් සිටින බව වාර්තා වනවා.

චීනයේ රාජ්‍ය පාලනය පිළිබඳ ඉහළම බල ආයතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඇරඹේ.

උතුරු දිග ගාසා තීරයේ දරුවන් සාගින්නෙන් මිය යන බව, ලෝක සෞඛ්‍ය  සංවිධානය පවසනවා.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් හට යළිත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි බව, එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය හෙට (5) ඇරඹේ. සමාරම්භක උත්සවය පෙරවරු 9 ට බෙයිජිං අගනුවර මහජන මහශාලාවේ දී පැවැත්වේ.

ගාසා තීරයේ “වහාම සටන් විරාමයක්” ප්‍රකාශයට පත් කල යුතු බව අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් පවසනවා.

‍‍‍පකිස්ථාන නව අගමැතිවරයා වශයෙන් ශෙබාස් ෂෙරීෆ් මහතා පත්වී තිබෙනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

චීන-ඇමරිකානු ආර්ථික සහයෝගිතා දෙරටටම ප්‍රතිලාභ රැගෙන එන බව චීන අගමැති කියයි

ගාසා  තීරයේ වර්ණ­භේ­ද­වා­දය හෙළා දකින බව­ටත්, වහාම සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත්  කළ යුතු බව­ටත් ජර්ම­නියේ බර්ලින් නුවර පසු­ගි­යදා පැවැති බර්ලින් ජාත්‍ය­න්තර  චිත්‍ර­පට උලෙ­ළේදි ප්‍රකාශ කළ ඊශ්‍රා­යල චිත්‍ර­පට අධ්‍යක්ෂ යූවාල් ඒබ්‍ර­හම්ට  මරණ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

බර්ලින් චිත්‍ර­පට  උලෙ­ළේදී පල­ස්තීන චිත්‍ර­පට අධ්‍යක්ෂ බාසෙල් ඇඩ්‍රා සමඟ එක්ව ඔහු විසින්  නිර්මා­ණය කරනු ලැබූ ‘No Other Land‘ හොඳම වාර්තා චිත්‍ර­ප­ට­යට හිමි සම්මා­නය  දිනා ගත්තේය. එම චිත්‍ර­ප­ටය ඊශ්‍රා­යල බල­ධා­රින් අත්පත් කර­ගත් පල­ස්තීන භූමියේ  ජන­තාව සහ නිවාස ඉවත් කිරීම පාදක කර­මින් නිර්මා­ණය වී ඇති අතර, සම්මාන  ලැබී­මෙන් පසු ඔහු විසින් එම ප්‍රකා­ශය සිදු කර තිබෙනවා.

මරණ තර්ජන එල්ලවීම  හේතු­වෙන් බර්ලි­නයේ සිට නැවත ඊශ්‍රා­ය­ලය බලා යෑමට ගත් ගුවන් ප්‍රවේ­ශ­ප­ත්‍රය අව­ලංගු කළ බවත්, එම ප්‍රකා­ශ­යෙන් පසු ආයුධ සන්නද්ධ මැර පිරි­සක් ඔහු සොයා ඊශ්‍රා­ය­ලයේ පිහිටි ඔහුගේ නිවෙ­සට ගොස් ඇති බවත් යූවාල් ඒබ්‍ර­හම් මාධ්‍ය­යට ප්‍රකාශ කර තිබෙනවා.

Latest News