වෙඩි ප්‍රහාරයකින් අමෙරිකාවේ 6ක් මරුට

ජූලි 05, 2022

    අමෙරිකාවේ නිදහස් දින පෙළපාලියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 6 දෙනෙකු මියගොස් තිබේ. තවත් 24 දෙනෙකු තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ.

    වෙඩි තැබීම සිදුවුණේ අමෙරිකාවේ ඉලිනොයිස් නගරයේ පැවති පෙළපාලියකදී. 22 හැවිරිදි තුවක්කරුකරවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

    ඔහු පෙළපාලිය ගමන් ගන්නා මාර්ගය අසළ පිහිටි ගොඩනැගිල්ලක මුදුනේ සිට ප්‍රබල තුවක්කුවක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි, අමෙරිකානු පොලීසිය පවසන්නේ.

    රොබට් ඊ ක්‍රිමොක් නමැති සැකකරු පොලීසිය මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. අමෙරිකාවේ මේ වසරේ සෑම සතියකටම වරක් මෙවැනි වෙඩි තැබීමක් සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    අමෙරිකාවේ තුවක්කු සංස්කෘතිය පාලනය සඳහා නව නීති ගෙන ඒමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් වෙමින් පවතියි. කෙසේ වෙතත්, වසර ගණනාවක් මෙම ගිනි අවි පාලන නීතිරීති ගෙන ඒමට උත්සහ කළද එය සාර්ථවී නැහැ.

    නමුත්, වර්තමානයේ නිරන්තරයෙන් සිදු වන මහා පරිමාණ වෙඩිතැබීම් නිසා බහුතර ජනතාවගේ මතය වී ඇත්තේ ගිනි අවි පාලනයක් සිදු කළයුතු බවයි.

    Last modified on අඟහරුවාදා, 05 ජූලි 2022 10:44

    Latest News