අමෙරිකාවෙන් තුර්කියට සම්බාධක

දෙසැ 15, 2020

    අමෙරිකාව තුර්කියට එරෙහිව සම්බාධක පනවා තිබේ. ඒ තුර්කිය විසින් රුසියාවෙන් මිසයිල පද්ධතියක් මිල දී ගැනීම හේතුවෙනි.

    තුර්කිය රුසියාවෙන් "එස්. 400" මිසයිල පද්ධතියක් මිල දී ගැනීම "නේටෝ" සංවිධානයේ විදිවිධානවලට තර්ජනයක් බවයි අමෙරිකාව පවසන්නේ. එමගින් යුරෝ අත්ලාන්තික් එකඟතාවන්ට බලපෑමක් එල්ල වන බවට, අමෙරිකාව චෝදනා කරයි. ඒ හේතුවෙන් මීට පෙර තුර්කියට ලබා දීමට එකඟව තිබූ "එෆ් 35" ප්‍රහාරක ජෙට් යානා ගනුදෙනුව ද අමෙරිකාව විසින් අවලංගු කරනු ලැබිණි. මේ සම්බන්ධයෙන් තුර්කිය පවසන්නේ අමෙරිකාවෙන් ඉල්ලා සිටි මිසයිල ආරක්ෂණ පද්ධතිය නොලැබීම හේතුවෙන් තමන් රුසියාවෙන් මිසයිල පද්ධිතයක් මිල දී ගැනීමට ක්‍රියා කළ බවයි.

    Latest News