තුර්කි ජනපතිවරණයෙන් එරට හිටපු ජනපති ජය ලබයි

මැයි 29, 2023

    තුර්කි ජනාධිපතිවරණයෙන්, එරට හිටපු ජනාධිපති ‍රෙසෙප් තායිප් එර්ඩොගාන් ජයග්‍රහණය කර තිබෙනවා.

    ඔහු ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 52 ක් බවයි, නිල නොලත් ඡන්ද ප්‍රතිඵලවල දැක්වෙන්නේ.

    ජයග්‍රහණයෙන් අනතුරුව, ඔහු සඳහන් කර සිටියේ මෙය, එක් පුද්ගලයෙකුගේ පමණක් නොව, කෝටි අටහමාරක් වන ජනතාවගේ ජයග්‍රහණයක් බවයි. එමෙන්ම, මෙය තුර්කි ඉතිහාසයේ පැවැත්වුණු වඩාත්ම වැදගත්ම මැතිවරණය බවයි, ජනාධිපතිවරයා කියා සිටියේ. තුර්කි මැතිවරණ ‍කවුන්සිලය සඳහන් කරන්නේ, සියලු ඡන්ද ගණන් කිරීම අවසන් වී නැතත්, ජයග්‍රහණයේ වෙනසක් සිදු නොවන බවයි. තුර්කි ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීමෙන් කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීමෙන්, මැතිවරණයේ දෙවැනි වටයත් ද පවත් වනු ලැබුවා. ඒ සඳහා වත්මන් ජනාධිපති එර්ඩොගාන් සහ විපක්ෂ නායක කිලික්දරෝග්ලු තේරී පත් වී සිටියා. නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවූනත්, ජයග්‍රහණය ප්‍රකාශ කළ මොහොතේ විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ, පසුගිය වසර කිහිපය තුළ පැවැත්වුණු වඩාත් අසාධාරණ මැතිවරණය මෙය බවයි. මේ අනුව, වසර 15 ක් තුර්කි රාජ්‍ය පාලනය හෙබ වූ එර්ඩොගාන් මහතා, හට තවත් වසර 5 ක කාලයකට බලය හිමි වනවා.

    Latest News