එංගලන්තයට 3-0ක ජයක් (විඩියෝ)

නොවැ 26, 2018
  • ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජයගැනීමට, එංගලන්තය අද සමත්වුණා.

    ඒ, තුන්වැනි තරගය ද ලකුණු 42කින් ජයගනිමින්. ශ්‍රී ලංකාව, එංගලන්තය හමුවේ පුර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබූ පළමු අවස්ථාව මෙයයි. තරගය පැවැත්වුණේ, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී. අද දිනය ආරම්භ කරන විට, ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී, ලකුණු 53ක් ලබා සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 7ක් රැස් කළ ලක්‍ෂාන් සඳකැන්.

    අනතුරුව කුසල් මෙන්ඩිස් සහ රොෂේන් සිල්වා 6 වන කඩුල්ල සඳහා ලකුණු 102ක සබඳතාවක් ගොඩනැඟුවා. කුසල් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යන විට ලබාසිටි ලකුණු සංඛ්‍යාව 86ක්. රොෂේන් සිල්වා ලකුණු 65ක් ලබාගත්තා. අවසන් කඩුල්ල සඳහා නායක සුරංග ලක්මාල් සහ මලින්ද පුෂ්පකුමාර අතර ලකුණු 58ක සබඳතාවක් ගොඩනැඟුනා.

    සුරංග ලක්මාල් අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 11කට. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 284ක් පමණයි. එංගලන්ත කණ්ඩායම විදෙස් රටකදී පූර්ණ ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලැබූ තුන්වැනි අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාව මීට පෙර ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව හමුවේ මෙරට දී පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලබා තිබුණා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on අඟහරුවාදා, 27 නොවැම්බර් 2018 11:36

    Latest News