චාමික නිව්යෝක් දිනවයි

දෙසැ 05, 2023

    අබුඩාබි "ටී 10" තරගාවලියේ "දිල්ලි බුල්ස්" කණ්ඩායම සමග පැවති තරගයෙන් "නිව් යෝර්ක් ස්ට්‍රයිකර්ස්" කණ්ඩායම ජය වාර්තා කළා.

    තරගය පැවැත්වුණේ, අබුඩාබි හි, සෙයිඩ් ක්‍රීඩාංගණයේ දී පළමුවෙන් පන්දුවට පහරදුන්, නිව් යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 98 ක් රැස් කළා. රමනුල්ලා ගුර්බාස් නොදැවි ලකුණු 49 යි. පිලිතුරු ලෙස "දිල්ලි බුල්ස්" කණ්ඩායමට පන්දුවාර 8 යි, පන්දු 3ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුණේ,ලකුණු 31 ක් පමණයි.

    පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 6 කට කඩුලු 3 ක් දවා ගත්තා. තරගයෙන් "නිව්‍ යොර්ක් ස්ට්‍රයිකර්ස්" කණ්ඩායම ජය ගත්තේ, ලකුණු 67 කින්.

    මේ අතර, එම තරගාවලියේ "ටීම් අබුඩාබි" කණ්ඩායම සමග පැවති තරගයෙන් "බංග්ලා ටයිගර්ස්" කණ්ඩායම ජය වාර්තා කළා. තරගය පැවැත්වුණේ, අබුඩාබි හි සෙයිඩ් ක්‍රීඩාංගණයේ දී. පළමුවෙන් පන්දුවට පහරදුන් "ටීම් අබුඩාබි" කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 66 ක් රැස් කළා. පිලිතුරු ලෙස "බංග්ලා ටයිගර්ස්" කණ්ඩායම පන්දුවාර 4 යි, පන්දු 5ක් අවසානයේ තරගය ජය ගත්තේ, කඩුල්ලක් දැවී ලකුණු 67 ක් රැස් කරමින්. ජෝර්ඩන් ‍කොක්ස් නොදැවි ලකුණු 56 යි.

    Latest News