කුසල්ගෙන් ජයග්‍රාහී ඉනිමක්

නොවැ 30, 2023

    අබුඩාබි " ටී ටෙන්" ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් "දිල්ලි බුල්ස්, චෙන්නායි බ්‍රාවෝස් සහ නිව්යෝර්ක් ස්ට්‍රයිකස් කණ්ඩායම් ජය ලබා ගත්තා.

    තරගාවලිය ඩුබායිහිදී පැවැත්වෙනවා.

    තරගාවලියේ තෙවැනි තරගය ලෙස "ඩෙකෑන් ග්ලැඩියේටර්ස්" සහ "දිල්ලි බුල්ස්" කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ, අබුඩාබිහි දී. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් "ඩෙකෑන් ග්ලැඩියේටර්ස්" කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 2 කට ලකුණු 120 ක් රැස් කළා. ටොම් කෝලර් කොඩ්මෝ ලකුණු 42 යි. පන්දු යැවීමේ දී නවීන් උල්හක් කඩුල්ලක් දවා ගත්තා. ලකුණු 121 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය දිල්ලි බුල්ස් කණ්ඩායම කඩුලු 9 ක් අතැතිව ජය ලබා ගත්තා. ක්වින්ටන් ඩිකොක්‍ නොදැවි ලකුණු 50 යි.

    බංගලි ටයිගර්ස් සහ නිව්යෝර්ක් ස්ට්‍රියිකස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 8 ක ජයක් හිමි කර ගැනීමට නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට හැකි වුණා.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ‍බංගලි ටයිගර්ස් කණ්ඩායම, නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 7 කට ලකුණු 101 ක් රැස් කළා. ජෝර්ඩන් කොක්ස් ලකුණු 38 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 29 යි. පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න කඩුලු 3 ක් දවා ගත්තා‍. ලකුණු 102 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 7 යි පන්දු 4 ක් අවසානයේ ජයග්‍රාහි ඉලක්කය සපුරා ගත්තා. දක්‍ෂ පිති හරඹයක නිතර වූ කුසල් පෙරේරා නොදැවි ලකුණු 50 යි.

    Latest News