ආරම්භයම ජය ගත් නවසීලන්තයින්

ඔක් 06, 2023

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති ප්‍රථම තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට නවසීලන්තය සමත් වුණා.

    ඔවුන් ඊයේ තරග වැදුණේ, එංගලන්ත කණ්ඩායම සමගයි. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 282 ක් රැස් කළා. ජෝ රූට් ලකුණු 77 යි.

    පන්දු යැවීමේ මැට් හෙන්රි කඩුලු 3 ක් දවා ගත්තා. අනතුරුව, ලකුණු 283 ක ඉලක්කයක් හඹා ගිය, නවසීලන්ත කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී විශිෂ්ට ජයක් හිමි කර ගත්තා. ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 152 ක් රැස් කළා.

    සිය පළමු ලෝක කුසලාන තරගට ක්‍රීඩා කළ රචින් රවීන්ද්‍ර නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 123 ක්. ඒ අනුව, නවසීලන්තයට කඩුලු 9 ක ජයක් හිමි වුණා. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 283 ක වාර්තාගත සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා. එය ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ පිතිකරුවන් යුගලයක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් දැක්වූ හොඳම සබඳතාව ලෙස වාර්තා අතරට එක් වුණා.

    මීට පෙර එම වාර්තාවට හිමිකම් කියුවේ ශ්‍රී ලංකාවයි. ඒ, 2011 වසරේදී තිලකරත්න ඩිල්ෂාන් සහ උපුල් තරංග නොදැවී ලකුණු 231 ක සබඳතාවක් ගොඩ නගමින්.

    Latest News