සමිත දුලාන්ගෙන් වාර්තාවක්

ජූනි 29, 2022

    පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාව අභිභවා ගොස් තිබේ.

    ඒ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී. මෙහිදී සමිත දුලාන් දැක්වූ දක්ෂතාව මීටර් 66.60 ක්. මෙම ඉසව්වේ ලෝක වාර්තාවේ හිමිකරු වන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මයිකල් බ්‍රයන්.

    ඔහු ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙලේදී මීටර 66 යි දශම 29 ක දක්ෂතාවක් දක්වමින් ලෝක වාර්තා පිහිටුවා තිබිණ. ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලිය කොළඹ සුගතදාත ක්‍රීඩාංගණයේදීයි පැවැත්වෙයි.

    Latest News