ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය හෙට

ජන 23, 2019

    ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා.

    දිවා-රාත්‍රී තරගයක් ලෙස පළමු තරගය පැවැත්වෙන්නේ, බ්‍රිස්බෙන්හි ගැබා ක්‍රීඩාංගණයේ දී. හෙට ආරම්භ වන තරගයට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද අවසන් පුහුණු සැසියට සහභාගි වුණා. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දිවා-රාත්‍රී ටෙස්ට් තරගයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

    එමෙන්ම, ශ්‍රී ලංකාව මෙතෙක් ක්‍රීඩා කළ දිවා-රාත්‍රී ටෙස්ට් තරග දෙකම ජයගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග 29ක් පවත්වා ඇති අතර, ඉන් තරග 17ක ජය හිමිවූයේ, ඔස්ට්‍රේලියාවටයි. තරග 08ක් ජය-පරාජයෙන් තොරව නිමා වුණා. ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 04ක් පමණයි.

    තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා පිරිනැමෙන කුසලානය ද අද මාධ්‍යයට නිරාවරණය කෙරුණා. තරගය හෙට පෙරවරු 8.30 සිට අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරෙනවා.

    Latest News