ශ්‍රී ලංකාවට නවසීලන්ත පිතිකරුවන්ගෙන් පරාජයක්

දෙසැ 30, 2018

    ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 423කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වෙයි.

    ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0 ලෙස ජයගත්තේ නවසීලන්තයයි. තරගය අද නිමාවට පත්විය. ක්‍රයිස්චර්ච් හිදී පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට කඩුලු 06ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 231කි. අද දිනයේ දී ශ්‍රී ලංකාවට රැස් කිරීමට හැකිවූයේ තවත් ලකුණු 05ක් පමණයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 236කි. ඒ අනුව, නවසීලන්තය තරගය ජයගත් අතර, ඔවුන් අඛණ්ඩව ජයගත් සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙයයි.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News