වනිඳුගේ දස්කම් යළි ටෙස්ට් පිටියේ නෑ

අගෝ 15, 2023

    වනිදු හසරංග ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

    ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සදහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

    සීමිත පන්දුවාර තරඟ සදහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් තමන් මෙම තීරණය ගත් බව ලිපිය මගින් වනිදු හසරංග සදහන් කර තිබෙනවා.

    වනිදු හසරංග 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් අතර,ඔහු මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් තරග 04 ක් පමණයි.

    එහිදී ඔහු ඉනිම් 07 ක් තුළ ලකුණු 196 ක් රැස්කරගෙන කඩුලු 04 ක් බිද දමා තිබෙනවා.

    ඔහු අවසන් වරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2021 වසරේ අප්‍රේල් මාසයේදී යි.

    Latest News