ගුවන්තොටුපොළ ආරක්ෂක පිරික්සුමට පුහුණුව ලත් සුනඛයින්

ජන 15, 2021

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ් ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා පුහුණුව ලත් සුනඛයින් යෙදවීමට පියවර ගෙන තිබේ.

    එය නිල වශයෙන් හෙට සිට ක්‍රියාත්මකයි. ගුවන්‍ තොටුපොළේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම මෙහි අරමුණයි.

    ගුවන් භාණ්ඩ ලෙස සහ ගමන්මළුවල රහසිගතව රැගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ආදිය පහසුවෙන් හඳුනා ගැනීමට හැකි පරිදි විශේෂ හැකියාව ඇති සුනඛයින් 20 දෙනෙක් පුහුණු කර තිබේ.

    ඒ ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේදී. මෙම සුනඛයින් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් සත්‍ය නියැදි යොදා ගනිමින් පවත්වන ලද ප්‍රායෝගික පරීක්ෂණයකට ද ලක්කර තිබේ.

    සුනඛ කණ්ඩායම ආරක්ෂක පුහුණුව නිම කර විසිර යාමේ උත්සවය කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී පසුගියදා පැවැත්විණ.

    IMG 20210114 WA0021

    IMG 20210114 WA0022

    Latest News