දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම්වල පදිංචිකරුවන්ට සහනයක්

මාර් 09, 2024

    දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල පදිංචිකරුවන්ට එම ඉඩම් බදු පදනම මත දීර්ඝකාලීනව ලබා දෙන බව, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    සහකාර වානිජ අධිකාරී කාර්යාල කිහිපයක් දිවයිනපුරා ආරම්භ කරමින් ඉඩම් නිරවුල් කිරීම කඩිනම් කරන බවයි, අමාත්‍යවරයා සඳහන් කරන්නේ. කොළඹ නගරයට පමණක් සීමා වී තිබූ සහකාර වානිජ අධිකාරී කාර්යාලයක් නාවලපිටියේ විවෘත කිරීමෙන් අනතුරුව, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ මේ බව කියා සිටියා.

    Latest News