මැදින් පුර පසළොස්වක පොහොය අදයි

මාර් 24, 2024

    ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ මැදින් පුරපසොළොස්වක පොහොය අදයි.

    මේ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල අද දවස පුරා විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

    සිදුහත් බෝසතාණන් බුද්ධත්වයට පත් වීමෙන් පසු සුද්ධෝදන පියරජතුමාගේ රාජධානිය වූ කපිලවස්තුපුරයට පළමුවරට වැඩම කළේ, අද වැනි දිනක බව, ශාසන ඉතිහාසයේ සඳහන්.

    විසිදහසක් භික්ෂූන් වහන්සේ සමග වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සුද්ධෝදන මහ රජතුමා මාර්ග ඵල ලැබුවේද අද වැනි දිනකයි.

    රාහුල සහ නන්ද කුමාරවරුන් පැවිදි දිවියට පිවිසීම සහ බුදුරජාණන් වහන්සේ යශෝධරා දේවියගේ ගුණ දක්වමින් සඳකිඳුරු ජාතකය දේශනා කිරීම මැදින් පොහෝ දිනය හා සම්බන්ධ තවත් සිදුවීම් කිහිපයක්.

    ශාක්‍ය වංශිකයින්ගේ මානය බිඳහෙළීම සඳහා බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහැර පෑවේද මැදින් පුර පසොළොස්වක පොහෝ දිනක බව, ශාසන ඉතිහාසයේ සඳහන්.

    මෙම සුවිශේෂී සිදුවීම් සිහිපත් කරමින්, දිවයින පුරා විහාරස්ථානවල අද දාන, ශීල, භාවනාදී ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.

    උවසු උවැසියන් විශාල පිරිසක් පෙහෙවස් සමාදන්ව සිටින අතර ආගමික සිද්ධස්ථාන වෙත සැදැහැවතුන් පැමිණෙමින් සිටින්නේ අද උදෑසන සිටයි.    

    Latest News