ආක්ටික් නරියා සුරකින නෝර් වේ මෙහෙයුම

මාර් 05, 2024

    වඳවීමේ තර්ජනයට ලක්වී ඇති ආක්ටික් නරියන් සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් වසර 20 කට ආසන්න කාලයක සිට නෝර්වේ රාජ්‍ය මගින් ක්‍රියාවට නංවමින් සිටිනවා.

    2006 වසර වන විට නෝර්වේ, ෆින්ලන්තය සහ ස්වීඩනයට පමණක් සීමා වී සිටි 40ක පමණ සත්ව ගහණය මේ වන විට ස්කැන්ඩිනේවියාව පුරා 550 දක්වා වර්ධනය වී තිබෙනවා.

    ආහාර සොයාගැනීමේ දුෂ්කරතාවය සහ දඩයක්කරුවන්ට ගොදුරු වීම මෙම සත්වයින් වඳවී යෑමේ ප්‍රධාන හේතු කාරණා වී තිබෙනවා.

    විශේෂඥයන් විසින් ස්ථාන 30ක පමණ කෘතීමව ආහාර ලබා දීමේ මධ්‍යස්ථාන මෙම සතුන් වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා.

    වාර්ෂිකව නෝර්වේජියානු ක්‍රොන් මිලියන 3.1ක් පමණ වැය කරමින් මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය පවත්වා ගෙන යනු ලබනවා.

    Latest News