ලංකාවම රත්වෙන කාලගුණයක්

මාර් 18, 2024
    දිවයින පුරා ප්රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.

    මේ අතර, දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය අද (18) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
     
    අනුව වයඹ, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර පළාත් සහ මොනරාගල, මන්නාරම, රත්නපුර සහ වවුනියා දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
     
    ඒ අනුව ප්රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්ය උපදෙස් අනුගමනය කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා

    Latest News