දකුණු කොරියානු වෛද්‍යවරු වැඩ වර්ජනයක

පෙබ 20, 2024
    නව වෛද්‍යවරුන් බඳවා ගැනීමේ සැලසුමට විරෝධය පළ කරමින් දකුණු කොරියානු වෛද්‍යවරු වැඩ වර්ජනයක නිරත වී සිටිනවා.
    මෙම වර්ජනවලට විරෝධය පළ කරමින් දකුණු කොරියානු රජය කනිෂ්ඨ වෛද්‍යවරුන් 1000 කට වැඩි පිරිසකට නැවත සේවයට පැමිණෙන ලෙස නියෝග කර තිබෙනවා.
    ඊයේ දිනයේ පමණක් 6,000 කට වැඩි සීමාවාසිකයින් සහ වෛද්‍යවරුන් ඉල්ලා අස්වී ඇති බවයි, බලධාරීන් පවසන්නේ.
    දකුණු කොරියාව යනු අඩුම වෛද්‍ය - රෝගි අනුපාතයක් ඇති රටක් වනවා. එම නිසා එරට රජයට අවශ්‍යවී ඇත්තේ තවත් වෛද්‍ය විද්‍යාල ස්ථානගත කිරීමයි. විදෙස් මාධ්‍ය පවසන්නේ.
    වෛද්‍යවරු විරුද්ධ වීමට හේතුව වන්නේ ඔවුන් අතර විශාල තරඟයක් ඇති වනු ඇති බවට හට ගෙන ඇති බිය නිසා බවයි.
    දකුණු කොරියාවේ ඉතා පුද්ගලීකරණය කරන ලද සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇති රටක්. එහිදී බොහෝ ක්‍රියා පටිපාටි රක්ෂණ ගෙවීම් හා බැඳී ඇති අතර රෝහල්වලින් සියයට 90 කට වඩා පුද්ගලික වේ.
    Last modified on අඟහරුවාදා, 20 පෙබරවාරි 2024 11:30

    Latest News