ඊශ්‍රායලය, ගාසා භූමිය ආක්‍රමණයට සැලසුම්

ඔක් 26, 2023
    ඊශ්රායලය, ගාසා තීරයේ භූමිය ආක්රමණය කිරීමට සැලසුම් කොට ඇතැයි, විදෙස් මාධ්ය පවසනවා.

    ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු ද එය තහවුරු කර තිබෙනවා.

    එහෙත්, එම ආක්රමණය පිළිබඳ නිශ්චිත දිනයක් මෙතෙක් ප්රකාශ කර නැහැ.
     
    ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අමෙරිකාව සහ රුසියාව ඉදිරිපත් කළ යෝජනා යළිත් වරක් පරාජයට පත්ව තිබෙනවා.
     
    ගාසා තීරයේ ගොඩබිම ආක්රමණයක් පිළිබඳ ඊශ්රායල අග්රාමාත්යවරයා අනතුරු ඇගවීම මීට හේතුවයි.
     
    ඊශ්රායලය තම රට ආරක්ෂා කර ගැනීමේ අයිතියක් ඇතැයි, අමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවෙන් පෙන්වා දී තිබෙනවා.
     
    අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 10 ක් ලැබී ඇති අතර, ආරක්ෂික කවුන්සිලයේ නිත්යෂ සාමාජිකයින්ගේ ඡන්දය ඊට ලබා දී නැහැ.
     
    ගාසා තීරයට පූර්ණ සටන් විරාමයක් ඉල්ලා රුසියාව ඉදිරිපත් කළ යෝජනාව තවදුරටත් පරාජයට පත්ව තිබෙනවා.
     
    ගාසා තීරයට ප්රහාරය අඛණ්ඩව සිදු වන බවයි, වාර්තා වන්නේ.
     
    ඉන්ධන අවසන් වීම හේතුවෙන් එහි හදිසි සේවා හැර සියලු කටයුතු නතර කර තිබෙනවා.

    Latest News