ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය සේවය දැඩි පසුබෑමක

මැයි 03, 2023

    ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය සේවය දැඩි පසුබෑමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

    සුව කළ හැකි රෝගවලින් දිනකට එරට ළමුන් 167 දෙනෙකු පමණ මියයන බවයි එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් ළමා අරමුදල කියා සිටින්නේ.

    තලේබාන් ත්‍රස්ත සංවිධානය එරට බලය අල්ලා ගැනීමෙන් පසු මේ තත්වය උග්‍ර වී තිබෙනවා. නිවැරදි ඖෂධ සහ ප්‍රතිකර්මවලින් මෙම සියලු දරුවන්ගේ ජීවිත බේරා ගැනීමේ හැකියාව පවතින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. මාතෘ මරණ සහ නව ළදරු මරණද දිනෙන් දින ඉහළ යමින් පැවතීම බරපතල තත්වයක්. එරට රෝහල් රැසක වෙන්ටිලේටර් යන්ත්‍රයක් හෝ නොමැති බවද වාර්තා වනවා. ළදරු මරණ රැසකට හේතුව මව්වරුන්ට නිසි පෝෂණයක් නොලැබීම බව වෛද්‍යවරුන් පවසනවා. බොහෝ රෝහල්වල ප්‍රමාණවත් පහසුකම් නොමැති අතර, රෝහලේ එක් ඇඳක ඇතැම් අවස්ථාවල රෝගී දරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ. හෙදියන් දෙදෙනෙකු, දරුවන් 60 දෙනෙකු කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. මෙවැනි හේතු නිසා එරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය මේ වන විටත් බිඳවැටී අවසන්. කෙසේ වුවද තලේබාන් පාලනය නිසා කිසිදු විදෙස් සංවිධානයක් හෝ මෙය විසඳීමට මැදිහත් වන්නේ නැහැ.

    Latest News