ඉන්දියාව පුරා තක්කාලි උණ පැතිර යයි

අගෝ 21, 2022

    ඉන්දියාවේ පැතිරෙන නව වෛරස උණ රෝගයක් පිළිබඳ ‍එරට වෛද්‍යවරුන්ගේ අවධානය යොමුවී තිබෙනවා.  "ටොමැටෝ ‍ෆීවර්" නොහොත් තක්කාලි උණ ලෙසයි මෙය නම්කර ඇත්තේ.  

    අත්, පා, මුඛ වෛරසයක් ලෙස ඉන්දීය වෛද්‍ය පරීක්ෂකයන් මෙය හඳුනාගෙන තිබෙනවා.  මේවන විට කේරල, ඔඩීෂා සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් මෙම වෛරසය හඳුනාගෙන ඇති බවයි,  එරට ‍මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.  රෝගීවූ දරුවන් 200කට අධික සංඛ්‍යාවක් එම ප්‍රාන්තවලින් හඳනාගෙන තිබෙනවා. 

    වෛරස ආසාධිතයන්ගේ සිරුරේ රතු පැහැති වේදනාකාරී බිබිලි මතුවී ක්‍රමයෙන් ඒවා කුඩා තක්කාලි ගෙඩියක ප්‍රමාණයකට විශාලවීම හේතුවෙන් ඉන්දියානුවන් මෙම උණ රෝගය තක්කාලි උණ ලෙස හඳුන්වන බවයි වාර්තා වන්නේ.

    සාමාන්‍යයෙන් අත්, පා, මුඛ රෝගවලදී මෙන්ම මෙම නව වෛරසයේදී ද රෝග ලක්ෂණ ලෙස අධික උණ, උගුරේ අසාධන, ඇඟපත කැක්කුම, සන්ධි ඉදිමීම සහ තෙහෙට්ටුව පෙන්නුම් කෙරෙනවා.  ඊට අමතරව කුඩා දරුවන් අතර වමනය සහ පාචනය ද දැකගත හැකියි

    Last modified on ඉරිදා, 21 අගෝස්තු 2022 11:59

    Latest News