“චීන වෘත්තීය අධ්‍යාපන සංවර්ධන ධවල පත්‍රිකාව”එළිදැක්වේ...

අගෝ 20, 2022

    ප්‍රථම ලෝක වෘත්තීය තාක්ෂණ අධ්‍යාපන සංවර්ධන සමුළුව මේ දිනවල චීනයේ ටියැන්ජින් නගරයේ දී පැවැත්වේ.

    චීන අධ්‍යාපන අමාත්‍යංශය මීට සමගාමීව “චීන වෘත්තීය  අධ්‍යාපන සංවර්ධන ධවල පත්‍රිකාව” අද (20) නිකුත් කළේය.  එම ධවල පත්‍රිකාවට අනුව, දිගුකාලීන පුහුණුවෙන් හා ගවේෂණයෙන් පසු, චීනය අද්විතීය මෙන්ම නවීන වෘත්තීය අධ්‍යාපන සංවර්ධන ආදර්ශයක් නිමවා ඇත. චීන වෘත්තීය අධ්‍යාපනය, චීන නවීකරණය සමග පුළුල් වෙමින් පවතී.

    ආර්ථික සංවර්ධනය, ජනතා ජීවනෝපායයන් නැංවීම, අධ්‍යාපන ක්‍රමය ශක්තිමත් කිරීම මෙන්ම ජාත්‍යන්තර හුවමාරු වැඩිදියුණුව සඳහා ඉන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකෙරේ.  විවෘතභාවය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, ගෝලීය අධ්‍යාපන සංවර්ධනය සඳහා දායක වී පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා අධ්‍යාපනික ශක්තිය සැපයීම චීනයේ අපේක්ෂාවයි.

     

    අරෝෂා සමරදිවාකර - චීනයේ බෙයිජිං නුවර සිට

    Last modified on සෙනසුරාදා, 20 අගෝස්තු 2022 18:29

    Latest News