එංගලන්තයට නව නිරෝධායන නීති

ජන 05, 2021

    දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ යන කොරෝනා වෛරස ආසාදිතයින් පාලනය කිරීම සඳහා එංගලන්තය නව නිරෝධායන නීති හඳුන්වා දී තිබේ.

    ඒ අනූව එංගලන්තයේ කිසිඳු පුද්ගලයෙක්ට අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට යාම තහනම් කර තිබෙන බවයි, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ.

    අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ, මෙම නීති රීති ලබන මස දෙවැනි සතිය පමණ වන තෙක් ක්‍රියාත්මක වනු ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි සති කිහිපය බ්‍රිතාන්‍යයට වඩාත් අවදානම් කාලයක් වනු ඇති බවයි.

    බ්‍රිතාන්‍යයේ පාසල් සියල්ල වසා දමා ඇති අතර පාසල් දරුවන් අන්තර් ජාලය හරහා අධ්‍යාපනය ලැබීමට යොමු කර තිබේ.

    බ්‍රිතාන්‍යයේ ඊයේ දිනයේ 50,000කට වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ අතර 7 වැනි දිනටත් එය වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාව අභිබවා ගියේය.

    Last modified on අඟහරුවාදා, 05 ජනවාරි 2021 12:24

    Latest News