පකිස්තානු ක්‍රිකට් තරඟ සංචාරය කල්යයි

අප්‍රේ 28, 2019

    පකිස්තාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය කල් දමා තිබේ.

    ඒ, මෙරට පවතින වත්මන් ආරක්‍ෂක තත්වය සැලකිල්ලට ගනිමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අද මේ බව නිල වශයෙන් නිවේදනය කළේය. ශ්‍රී ලංකාවත්, පකිස්තානයත් අතර තරඟාවලිය ලබන මස 03 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබිණ.

    ඊට සහභාගි වන පකිස්තාන යොවුන් ක්‍රීඩකයින් මෙරටට පැමිණිමට නියමිතව තිබුණේ ලබන 30 වැනිදායි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පකිස්තාන ක්‍රිකට් ආයතනය සමඟ කළ සාකච්ජාවකින් අනතුරුවයි, තරඟාවලිය කල් දමා ඇත්තේ. ඉදිරියේ දී මෙය යළි පැවැත්වීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබේ.

    Last modified on ඉරිදා, 28 අප්‍රේල් 2019 16:20

    Latest News