පකිස්ථානය අවසන් 4ට

පෙබ 04, 2024

    2024 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට ඉන්දියාව, පකිස්ථානය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමත් වුනා.

    ඊයේ පැවති බංග්ලාදේශය සහ පකිස්ථානය අතර තරගය කාගේත් අවධානය යොමු වූ තියුණු තරගයක් බවට පත් වූවා.

    කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. බංග්ලාදේශය හමුවේ පකිස්ථානය ලකුණු 155 කට සියල්ලන් දැවී ගියා.

    නමුත් පකිස්ථානයේ සටන්කාමී පන්දු රැකීම සහ යැවීම නිසා බංග්ලාදේශයට පන්දු වාර 35.5 ක් තුළ සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 150ක් පමණයි.

    සුපිරි පන්දු යැවීමක නිරත වූ උබේඩ් ෂා ලකුණු 44කට කඩුලු 5ක් දවා ගනිමින් පකිස්ථානය අවසන් පූර්ව වටයට රැගෙන ගියා.

    ඒ අනුව අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අනිද්දා පැවැත්වෙනවා.

    ඕස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතර තරගය පෙබරවාරි 8 වනදා පැවැත්වීමට නියමිතයි.

    තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 11 වනදා සත්කාරක දකුණු අප්‍රිකාවේ බෙනෝනි හිදී පැවැත්වෙනවා.

    Latest News