අදත් බැරිනම් වැඩක් නෑ

නොවැ 06, 2023
    ලෝකු කුසලාන එක් දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගීවන 8 වැනි තරගය අද පැවැත්වෙනවා.

    ඒ, බංග්ලාදේශයට එරෙහිවයි. 2025 වසරේ පැවැත්වෙන ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලැබීමට නම්, ශ්රී ලංකාවට අද තරගයේ ජයග්රහණය අතිශයින්ම වැදගත්.

    ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද දිල්ලි හිදී පැවැත්වීමට නියමිතයි. ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
     
    තරගාවලියේදී තරග 7 කට මුහුණ දුන් ශ්රී ලංකාව ඉන් තරග 2 ක් ජය ගෙන ලකුණු 4 ක් සමග ප්රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසු වනවා.
     
    බංග්ලාදේශය තරග 7 ක් ක්රීඩා කර එක් තරගයක් ජය ගෙන ලකුණු 2 ක් සමග ප්රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.
     
    ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අද එක්දින ලෝක කුසලානයකදී තරග වදින්නේ, 5 වැනි වරටයි. පැවති තරග 4 න් තරග 3ක් ශ්රීලංකාව ජය ගත් අතර, එක් තරගයක් තීරණයකින් තොරව අවසන් වුණා.
     
    අද තරගයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ධනංජය ද සිල්වා ක්රීඩා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි, වර්තා වන්නේ.
    Last modified on සදුදා, 06 නොවැම්බර් 2023 11:26

    Latest News