ශ්‍රී ලංකාවට ලකුණු 165ක ඉලක්කයක්

අගෝ 31, 2023

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙනවා.

    පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 164ක් රැස් කළා.  කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඉනිම ආරම්භ කළේ, මොහොමඩ් නයිම් සහ ඉන්සිඩ් හසන්.

    පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 04ක් වන විට හසන් ලකුණු නොලබා දැවී ගියා. මොහොමඩ් නයිම් ලකුණු 16යි. නායක ශකීබ් අල් හසන් ලකුණු 05යි. බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නජ්මුල් හොසේන් ලකුණු 89යි. ඔවුන්ගේ ඉනිමේ ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වුණේ, පිතිකරුවන් සිව්දෙනෙකු පමණක්වීම විශේෂත්වයක්.

    බංග්ලාදේශ කණ්ඩායමේ සියලු ක්‍රීඩයකයින් පන්දුවාර 42යි පන්දු 04කදී දැවී ගියා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 04යි. මහීෂ් තීක්ෂණ කඩුලු 02ක් බිඳ හෙලුවා.

    Latest News