හම්බන්තොට අතරමංවූ ඇෆ්ගන්වරු

අගෝ 22, 2023

    හැරිස් රවුෆ් ගේ සුපිරි පන්දු යැවීම හමුවේ පාකිස්ථානය සමග හම්බන්තොට සූරිය වැව ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 142 ක දරුණු පරාජයක් වැළඳගන්නට ඇෆ්ගනිස්ථානයට සිදු වුනා.

    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පකිස්ථානු කණ්ඩායමට රිසි සේ පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

    පන්දුවාර 47.1 ක් අවසානයේ පකිස්ථානු කණ්ඩාමේ සියලු ක්‍රිඩකයින් ලකුණු 201 කට දැවී ගියා. ඉමාම් උල් හක් ලකුණු 61 යි. මුජීබ් උර් රහ්මාන් කඩුලු 3ක් දවා ගත්තා.

    ලකුණු 202 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන් ඉනිම වැනසූ පකිස්ථාන් වේග පන්දු බල ඇණිය ඇෆ්ගන් ඉනිම ලකුණු 59 කට සීමා කලේ පන්දු වාර 19.2 ක් තුළදීයි. හැරිස් රාවුෆ් ලකුණු 18 කට කඩුලු 5යි.

    තරගයේ වීරයා හැරිස් රවුෆ්.

    Latest News