රාජකීයන්, ඉසිපතන අපරාජිත ගමන බිඳ දමයි

අගෝ 13, 2023

    අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ඉසිපතන විද්‍යාලයීය අපරාජිත ගමන බිඳ දැමීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.

    ඒ, තරගාවලියේ දෙවැනි වටය යටතේ ඊයේ ඉසිපතන විද්‍යාලය සමග පැවති තරගය ජය ගනිමින්.

    තරගය පැවැත්වුණේ, කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී. ඉසිපතන සහ රාජකීය විද්‍යාල අතර වාර්ෂිකව සංවිධාන කෙරෙන මෙම තරගය පැවැත්වෙන්නේ, මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය (Major Milroy Fernando Trophy)සඳහායි.

    තරගය ආරම්භයේ සිටම දෙපිළම දක්ෂ ක්‍රීඩා රටාවක නිරත වුණා. තරගයේ පළමු අර්ධය නිමා වූණේ, ලකුණු 6 -3 ක් ලෙස රාජකීය විද්‍යාලය ඉදිරියෙන් සිටිමින්.

    දෙවැනි අර්ධයේ දී රාජකීය විද්‍යාලය තවත් ලකුණු 16 ක් රැස් කළා. ප්‍රතිවාදී ඉසිපතන විද්‍යාලය එම අර්ධයේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 14 ක්.

    ඒ අනුව, ලකුණු 22 - 17 ක් ලෙස තරගය ජය ගැනීමට රාජකීය විද්‍යාලය සමත් වුණා.
    ඉසිපතන විද්‍යාලය මෙම තරගයට පිවිසියේ තරගාවලියේ සියලු තරග ජය ගනිමින් අපරාජිත කණ්ඩායම ලෙසයි.

    ජයග්‍රාහී රාජකීය විද්‍යාලය ලකුණු රැස් කළේ, ගෝල දිනුමක් සහ දඩුවම් පහර 5 ක් මගින්.

    මෙම ජයග්‍රහණයත් සමග මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය රාජකීය විද්‍යාලය හිමි කර ගත්තා.

    Latest News