ලෝක දිනන්න යන අපේ තරු

අගෝ 06, 2023

    අරුණ දර්ශන හා ගයන්තිකා අබේරත්න ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ කේවල ඉසව් සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

    අරුණ මීටර් 400 ධාවන ඉසව්වට සහ ගයන්තිකා මීටර් 1500 ධාවන ඉසව්වට සහභාගී වීමට නියමිතයි.

    මීටර් 1500 ධාවන ඉසව්ව සඳහා මෙරට ක්‍රීඩිකාවක් ලෝක ශූරතා මළල ක්‍රිඩා තරගාවලියක් නියෝජනය කරන පළමු අවස්ථාව මෙයයි.

    මේ අතර, හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්ව සඳහා දිල්හානි ලේකම්ගේ ද සුදුසුකම් ලබා තිබෙනවා.

    ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය ලබන 19 වැනිදා හංගේරියාවේ දී ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News