ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගය අද

මාර් 01, 2020

    ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. දිවා රාත්‍රී තරගයක් වන මෙය ආරම්භ වන්නේ පස්වරු 2.30ට.

    තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුල්ලකින්. දෙවැනි තරගය ද ලකුණු 161කින් ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විටත් තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගෙන තිබේ. ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර මෙතෙක් පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 59ක්. ඉන් තරග 28 බැගින් දෙපිලම ජය ගෙන තිබෙන අතර තරග තුනක් ජය පරාජයෙන් තොරව අවසන් විය. අද තරගය පැවැත්වෙන පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකාව එක්දින තරග 22ක් ක්‍රීඩා කර තිබේ.

    ශ්‍රී ලංකාවත් කොදෙව් කණ්ඩායම් අතර පල්ලේකැලේ දී මෙතෙක් පවත්වා ඇත්තේ, එක් එක්දින තරගයක් පමණයි. ඉන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය. තරගය රූපවාහිනී අයි නාලිකාවෙන් සජීව ලෙස පස්වරු 1.30 සිට විකාශය කෙරේ.

    Last modified on ඉරිදා, 01 මාර්තු 2020 10:50

    Latest News