ජීප් රථය පෙරළීමෙන් තරුණයෙකු ජිවිතක්‍ෂයට

දෙසැ 04, 2018

    මහනුවර-අකුරණ නගරයේ ප්‍රධාන වංගුව අසල දී අද උදේ සුපිරි ජීප් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙකු මියයයි.

    බරපතල තුවාල ලැබූ තවත් අයෙක් අකුරණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුලත් කර තිබේ. රථය පෙරලීමෙන් අසලවූ කැබ් රථයකට ද හානි සිදුව ඇත. 

    පො‍ළොන්නරුව, හබරණ පදිංචි 28 හැවිරිදි රුචිර මධු සංඛ අනතුරින් ජිවිතක්‍ෂයට පත්විය. අලවතුගොඩ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News