කළුතර පැවති වැඩසටහනකින් අනතුරුව ඊයේ මාධ්‍යයට අදහස් දක්වමින් රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් මෙම නව සන්ධානය නම් කර ඇති බවයි.
වැඩිදුරටත් අදහස් පල කරමින් ඒ මහතා මෙසේ පැවසීය.
"අපේ සන්ධානයේ මූලික වැඩ කටයුතු අවසන්. සන්ධානයේ ව්‍යවස්ථාව හදලා ඉවරයි. ලංඡන තීන්දු කරලා තියෙන්නේ. මේ දවස් වල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදාගෙන යනවා.
එය පක්ෂ නායකයින්ට ඉදිරිපත් කරලා අගෝස්තු 5වනදා පෙරවරු 10ට සුභ මොහොතින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී ජනතාවට පූජා කරනවා අළුත් පෙරමුණ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලෙස අපි එන්නේ. අපි ධජය පවා විවිධ වර්ණවලින් ඉදිරිපත් කරන්නේ. නායකත්ව මණ්ඩලයකින් සන්ධානය අපි ගොඩනගන්නේ.
ලංකා ඉතිහාසයේ අලුත්ම අයුරකින් මේ වැඩසටහන අපි ගේන්නේ. රටේ ජනතාවගේ අනාගතය ගොඩනඟන්න දැවැන්ත වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා. අනාගත සියලුම මැතිවරණ මේ ඔස්සේ ජයග්‍රහණය කරන්න අපි අපේක්ෂා කරනවා. අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. එය තමයි එටේ ඉදිරි ජනාධිපති. එය මත පදනම්ව ඒකාන්තයෙන්ම ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අපි ජනතාවත් සමඟ එකතු වෙනවා."