දුම්රිය ආසන වෙන් කිරීම අද ඉදන් වෙනස්

මාර් 14, 2024
    අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව අද රාත්රී 7 සිට මාර්ගගත ක්රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම සිදුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්රතිශතයක් පමණක් මාර්ගගත ක්රමය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව හිමිව තිබු අතර අද සිට එය සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්රමය ඔස්සේ පමණක් සිදුවනු ඇති.
     
    මාර්ගගත ක්රමය ඔස්සේ ආසන වෙන් කිරීමෙන් පසු දුම්රිය ස්ථානයට පැමිණ ප්රවේශ පත්රයක් ලබාගැනීමට මගීන්ට පෙර සිදුවුවද අද සිට ආසන වෙන් කිරීමේ පත්රිකාවේ ඡායාරූපයක් සන්තකයේ තබාගැනීම පමණක් ප්රමාණවත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
     
    මීට අමතරව රාජ්ය සේවකයින් සඳහා හිමිවන නිදහස් බලපත්රය වෙන් කිරීමේ අවස්ථාවද මාර්ගත ක්රමය ඔස්සේ සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථාව සළසා දී තිබෙනවා.
    ඒ සඳහා කිසිදු අය කිරීමක් සිදුකිරීමට තීරණය කර නැහැ.

    Latest News