මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ

ඔක් 26, 2022

    ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හමුදා රෙජිමේන්තුවේ 141 වැනි සංවත්සරය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඊයේ (25) පනාගොඩ, පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

    උත්සවය නම් කර තිබුණේ, “අභිමන් මුදුනත රණවිරු සැමරුම” යනුවෙන්. යුද විජයග්‍රහණයට උර දුන් රණවිරුවන් සැමරීම එහි අරමුණයි. දශක තුනක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා පාබල හමුදා රෙජිමේන්තුවේ රණවිරුවන් 3,744 දෙනෙකු සිය ජීවිත කැප කර තිබෙනවා. මෙහිදී ඔවුන්ව විශේෂ ඇගැයීමට ලක් කෙරුණා.

    යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ අධිපති මේජර් ජනරාල් ජගත් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් උළෙල සංවිධාන කෙරුණු අතර, හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් දයා රත්නායක හා ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුළු හමුදා සාමාජිකයන් සහ තවත් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on බදාදා, 26 ඔක්තෝබර් 2022 21:22

    Latest News