තේ වත්තේ මන්දකට හසු වු කඳුකර කොටියා මුදා ගනි

අප්‍රේ 24, 2020

    හැටන් දික්ඔය දරවල තේ වත්තේ ගසක අටවා තිබු මන්දකට හසු වි සිටි කදුකර කොටියෙකු නිර්වින්දනය කර මුදා ගැනිමට අද (24) පස්වරුවේ වනජිවි නිලධාරින් සමත්විය.

    වල් ඌරන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට මේ කඳුකර කොටියා ඊයේ(23) රාත්‍රී හසු වී ඇති අතර, අද දහවල් කොටියෙකු ගොරවන හඩ ඇසි වතු කම්කරුවන් ඒ පිලිබඳව හැටන් පොලිසියට සහ නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් වෙත දැනුම් දි ඇත.

    රණිදෙණිගල පශු වෛද්‍යය රෝහලේ වෛද්‍ය අකලංක පිනිදිය මහතා ඇතුළු වනජිවි නිලධාරින් පිරිසක් හැටන් දරවල තේ වත්තට පැමිණ කදුකරය කොටියා නිර්වින්දනය කර මන්ද ගලවා මුදාගෙන කොටියා වැඩිදුර ප්‍රතිකාර සදහා රණිදෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යන ලදි.

    අවුරුදු හයක් පමණ වයසැති හොදින් වැඩුණු කදුකර කොටියා පිරිම් සතෙකු බව වාර්තාවේ.

    මීට අමතරව මිට වසරකට පමණ ප්‍රථම දරවල තේ වත්ත ආසන්නයේ පිහිටි හැඩ්ලි තේ වත්තේද මේවැනිම මන්දකට හසු වි කොටියෙකු මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය. තේ වතු ආශ්‍රිතව සැරිසරන කදුකර කොටියන් වල් ඌරන් දඩයම් කිරිම සදහා ඇතැම් පිරිස් විසින් අටවන මදුවලට හසු වි පසුගිය වසර කිහිපය තුල කදුකර කොටියන් කිහිපදෙනෙකු මිය ගොස් ඇති බවත්, කදුකර කොටියන් වද වි යාමේ තර්ජනයට ලක් වි ඇති ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වු සත්ව විශේෂයක් බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.

    කදුකර කොටියා මන්දට හසු වි සිටි තේ වත්තේ තවත් අටවා තිබු මදු ගණනාවක් ගලවා ඉවත් කිරිමට වනජිවි නිලධාරින් කටයුතු කළ අතර , කදුකර කොටියා මුදා ගැනිමේ මෙහෙයුමට හැටන් පොලිසියේ නිලධාරින් මෙන්ම ලක්ෂපාන යුධ හමුදාවේ නිලධාරින් මෙන්ම වතු පාලන අධිකාරිය සහයෝගය ලබා දි තිබුණි.

    Latest News