කාර් රථයක් තැන් 02කදී කළ අනතුරුවලින් 03ක් මරුට

දෙසැ 09, 2018

    ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්කිස්ස සහ රත්මලානේ දී එකම මෝටර් රථයක් ඊයේ මධ්‍යම රාත්‍රී සිදු කළ රිය අනතුරු දෙකකින් තිදෙනෙකු මියගොස්, 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 

    කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කළ කාර් රථයක් රත්මලාන ඉන්ධන පිරවුම්හල අසලදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක සහ යතුරු පැදි දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරින් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයේ රියදුරු හා යතුරු පැදිකරුවෙකු ද මියගොස් ඇත.

    මෙම මෝටර් රථය අනෙක් අනතුර සිදුකර ඇත්තේ, ගල්කිස්ස උසාවිය අසලදී වන අතර, ඉන් පදික වේදිකාවේ ගමන් කළ පුද්ගලයෙකු මියගොස් තිබේ. තවත් අයෙකුට තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. 

    කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කළ කාර් රථය මෙම අනතුරු දෙකම සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරයි. අනතුර සිදු කළ කාර් රථයේ රියදුරු පොලිස් ආරක්‍ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි. අනතුරට වගකිව යුතු රියදුරු බීමත්ව සිටි බවට හෙලි වී ඇත. ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සදුදා, 10 දෙසැම්බර් 2018 07:29

    Latest News