ගලේවෙල බස් සහ කන්ටේනර් අනතුරක් (ඡායාරූප)

දෙසැ 08, 2018

    ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ වීදේශීය ළූණු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් ගලේවෙල කනාදන දී අද (08) උදෑසන 7.15 ට පමණ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

    අනතුරින් තුවාල ලබා ඇත්තේ බස් රථයේ රියැදුරු සහ මගින් දෙදෙනෙකු වේ.

    බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාර්ගයේ ලිස්සා ගොස් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

    අනුතුර සිදිවුමෙන් පසු බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වෙළඳසැලකට ද හානි සිදු කරමින් නැවතී ඇත. අනතුර සම්බන්ධයෙන් රථ දෙකේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    accident 1 px 900 18 12 08

    Latest News