පස්සර අනතුර පිළිබඳ විශේෂ පරීක්ෂණයක්

ජන 07, 2020

    පස්සර,මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට ලංගා ගමනා ගමන මණ්ඩලය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතයි.

    ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ අනතුර සිදුවූ ස්ථානයට ගොස් පරීක්ෂණයක් සිදුකරන බවයි.

    පස්සර,මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේ දී ඊයේ (06) පස්වරුවේ ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරින් මියගිය ගණන 8ක්. තුවාල ලැබූවන් ගණන 44ක්. ඔවුන් මේ බව විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. පස්සර සිට ඇකිරිය දක්වා ගමන් ගත් ලංගම බස් රථය අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය. මියගිය අය අතර පාසල් දරුවන් දෙදෙනෙක් ද සිටියි. ඔවුන්ගේ සිරුරු පස්සර රෝහලේ තැන්පත් කර තිබේ. කාන්තාවන් 16 දෙනෙකු, පිරිමි පුද්ගලයන් 24 දෙනෙකු හා ළමුන් කිහිප දෙනෙකු ද තුවාලකරුවන් අතර සිටින බවයි, බදුල්ල රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධිකාරී වෛද්‍ය රංජිත් අමරකෝන් මහතා සඳහන් කළේ. ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ තත්වය බරපතල බව ද වෛද්‍යවරයා කියා සිටියි. සේවයට යමින් සිටි මඩොල්සිම පොලීසියේ 4 දෙනෙකු ද තුවාලකරුවන් අතර සිටින බව පොලීසිය ප්‍රකාශ කරයි. රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 08:13

    Latest News