අම්මා මුලින් බලනවා... පෙම්වතියගේ රහසට බියවු සංජය (විඩියෝ)

අප්‍රේ 12, 2019
  • ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙන් වටවු මනරම් දිවයිනක් ලෙසයි ලෝකය සලකන්නේ.

    මෙරට ස්වාභාව සෞන්දර්ය මෙන්ම ජිවත් වන සතා සිව්පාවාට සේම රටවාසීන්ට අපුර්ව ජීවන රටාවක් හිමිව තිබේ. කුඩා දූපතක් බැවින් සුවිශේෂි හැකියාවන්ගෙන් පිරිපුන් පිරිස බහුල නොවේ. එසේ නම් එවැනි හැකියාන් දක්වන අය ඇත්නම් රැක ගතයුතු සේම ඔවුන් තවදුරටත් ඉදිරියට ගෙන යෑම සැමගේ වගකීමක්. අද දවසේ අප විසින් හඳුන්වා දෙන්නේ සුවිශේෂි හැකියාවන් සහිත අංකුර කලාකරුවෙක් වන සංජය මුරමුදලි. ඔහු වේදිකාවේ සහ පුංචී තිරයේ තරුවක් බවට පත්වෙමින් සිටි. කුඩා කල පටන් ජිවිතයත් සමඟ අභියෝග රැසකට මුහුණ දි සිටින සංජය ඉදිරි අභියෝග සමගින් කලාවේ කෙම් බිම සොයා යාමේ අදිටනින් භද්‍ර යෞවනයේ පසුවේ. ඔහු ජාතික රූපවාහිනියේ විකාශය වන අමුතු රසිකයා ටෙලි නාට්‍ය කථානායකයායි.  

    Ru නිවුස් - සංජය කොහොමද මේ දවස්වල විස්තර?

    සංජය - මේ දවස්වල ඇත්තටම හොඳයි. අමුතු රසිකයා එක්ක වැඩකටයුතු කරගෙන ඉන්නවා ඉතින්.

    Ru නිවුස් -අමුතු රසිකයා කියන්නේ වෙනස් විදිහේ චරිතයක්..කොහොමද ලැබෙන ප්‍රතිචාර සංජයට

    සංජය - ඇත්තටම කියනවනම් ප්‍රතිචාර නම් මරු..පාරෙදි හම්බුනහමත් මිනිස්සු මට කතාකරන්නේ අනේ සඳර.අනේ දුක හිතුනනනේ.කඳුලු වැටුනනේ..එයාගෙ කතන්දරේ තියෙන්නේ ඇත්තටම දුක හිතෙන දෙයක්..තමන් ආදරේ කරන ගෑණු ළමයා නිසා වුන ප්‍රශ්නෙකට තමයි එයාට පිස්සු හැදිල තියෙන්නේ.එයාව පිස්සන්කොටුවට ඇතුල් කරනවා..ගෑණු ළමය හොයාගෙන හොරෙන් පනිනවා ඊට පස්සේ..ඒ අතරෙ ශෙල්ටන් කියන ලොරි ට්‍රයිවර්ව මුණගැහෙනවා..ලොරි ට්‍රයිවර් ඇවිත් පොඩි ෆිල්ම් පිස්සෙක්..ඒ ෆිල්ම් පිස්සට මේ පිස්සව අහුවෙනවා..ඊට පස්සේ දෙන්නම ෆිල්ම් බලන්න යනවා..ඒ ෆිල්ම් එකේ ඉන්න නිලිය තමයි මේ මගේ ආදර වන්තිය කියලා එයා හිතන්නේ.. ඔහොම තමයි කතාව යන්නේ..

    Ru නිවුස් - සංජය ඇයි ඇත්තටම කලා ක්ෂේත්‍රය තෝරගත්තේ?
    සංජය - ඇත්තටම මමවත් දැනගෙන හිටියෙ නෑ මට රගපාන්න පුළුවන් කියලා.. උසස් පෙළ කරන කාලේ මම නාට්‍ය විෂය තෝරගත්තා..ප්‍රැක්ටිකල්වල දී පොඩි පොඩි නාට්‍ය කරනකොට තමයි සර් දැනගත්තේ මට හොඳට රගපාන්න පුළුවන් කියලා..ඇත්තටම සර් තමයි මේ විෂබීජෙ දැම්මේ..මගේ නාට්‍ය උගන්නපු ගුරුවරයා..ඒ නාට්‍ය පිස්සුවත් එක්ක තමයි අද මේ ගමන ආවේ..

    Ru නිවුස් - ලොකු කට්ටක් කාල මෙතනට ආව කියලා කිව්ව..ඒ කට්ට පටන්ගත්තේ කොතනින්ද සංජය?
    සංජය - මම ඉපදුනේ පොළොන්නරුවේ..ඉස්කොලේ ගිය හඟුරන්කෙත..හඟුරන්කෙත මධ්‍යමහා විද්‍යාලයේ..මගෙ අප්පච්චිගෙ ගම..ඒ කාලෙ ඉදලම දුකක් තමයි තිබුනේ.මම පහ වසරට යනකම්ම අම්මා ළග හිටියෙන නෑ..අම්මා රට හිටියෙ..අප්පච්චිත් එක්ක තමයි හැදුනේ..අප්පච්චි ගොවිතැන් කරන්නේ..කොළඹ ආපුවහමනම් මට ඉන්න තැනක් තිබුනේ නැහැ..මම මහරගම පන්සලක හිටියා..කැලණියෙ පන්සලක හිටියා..රූට කෑවොත් හෙට උදේට වැඩකට යන්න සල්ලි තිබුණ නැති කාලයක් තිබුණා..මුලින්ම ඉතින් වැඩකරා කියලා සල්ලි හම්බෙන්නෙත් නෑ නෙ..

    Ru නිවුස් - සංජය, කොතනට යනවා කියලද ඉලක්කය තියෙන්නේ?
    සංජය -ලංකාවේ ජනප්‍රිය නළුවෙන් වෙන්න..ජනප්‍රිය චරිතයක් වෙන්න මට හීන නැහැ..දක්ෂ රංගන ශිල්පියෙක් වෙලා ක්ෂේත්‍රයට වැඩක් කරන්න තමයි මගේ හිනය..

    Ru නිවුස් - ප්‍රවීනයෙක් වෙන්න නිකම්ම බෑ සංජය..මොනවද කරනනේ?

    සංජය - ආපු කාලෙම මොකුත් දන්නෙ නෑනෙ ඉතින්..ඉගෙන ගන්න තමයි උපමනාව තිබුණේ..මහරගම තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට ගියා..ඒකෙන් ඉගෙන ගත්තා ඇක්ටින් ගැන..ඒකෙන් එලියට ඇවිත් වීදි නාට්‍යවල චරිත කළා..මේ දවස්වල මම නාට්‍ය හා රංගකලාව උපාධිය හදාරනවා..

    Ru නිවුස් - අනාගතය ගැනත් හීන ඇති සංජයට..පෙම්වතියක් එහෙම ඉන්නවද?

    සංජය - පෙම්වතියක් ඉන්නවා..නෑ කිව්වොත් ඉතින් ඒක හරිම මෝඩ කතාවක්නේ..මේක දාපු ගමන්ම මුළුනිම බලන්නේ අම්මනේ..තාම බලන්නේ අම්මා ඉතින්..ගෙදර යන්න අවස්ථාව තියාගන්න ඕන හින්දා අපි ඒකට පොඩි තිතක් තියමු..පස්සේ වෙලාවක කතාකරමු...

    Ru නිවුස් -  අළුතෙක් ක්ෂේත්‍රයට එන පිරිසකට ඔබ දෙන උපදෙස මොකක්ද?
    සංජය - ගොඩක් කට්ටිය අහන්නේ ප්‍රසිද්ධ වෙන්න මොනාද කරන්න ඕන කියලා..සහොදර සහෝදරියන්ට මම කියන්නේ ඉස්සරලාම මේ ක්ෂේත්‍රය ගැන හොදින් ඉගෙන ගන්න..ඊට පස්සේ අඩිය තියන්න..

    Ru නිවුස් -  සංජය මොන ආකාරයේ එකක්ද මේ අමුතු රසිකයා කියන චරිතය

    සංජය - එයාට කියන පිස්සුව හොඳ කරන්න බෑ කියනවා..මම ස්ක්‍රිප්ට් එක අරගෙන බැලුවාම තිබුනෙ පොඩි පිස්සුවක් තියෙනවා..හැබැයි පිටින් පෙන්නනේ නැහැ...
    ඒ ඉන්න අනිත් චරිත වචන 10ක් කතාකරනකොට මෙයා එක වචනයයි කතා කරනනේ..හැබැයි කියන්න තියන දේ කෙලින් කියනවා..මම චරිත හදාගත්තේ අවටින් දැකපු චරිතත් එක්ක..
    අංගොඩ රෝහලට ගියා පටිගත කිරීම්වලට..මේ නාට්‍ය බලන එක වෛද්‍යවරයෙක් ඇහුවා ඔයා කොහෙන්ද මේක ඉගෙන ගත්තේ කියලා..මම කිව්වා මේක ස්ටඩී කලේ නෑ වටින් පිටන් ගත්තේ කියලා..වෛද්‍යවරයා කිව්වා ඇත්තටම ඔය චරිත ඉන්නවා..මට හිතාගන්න බෑ ඔයා කොහොමද ඒක හරියටම කරනනේ කියලා..

    Ru නිවුස් - ඒ අමුතු රසිකයා නිසා සංජයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? පාරේ යනකොට එහෙම?

    සංජය - ඇත්තටම ගොඩක් වෙලාවට සංජය කියලා මාව අඳුන ගන්න අය මට කතාකරන්නේ නැහැ..සඳරා කියලත් කියනවා..පිස්සා කියලත් කියනවා..

     Sanjaya2 900px 19 04 12

     

    Last modified on සිකුරාදා, 12 අප්‍රේල් 2019 15:22

    Latest News