කොටියා සල්ලි කළ නරුමයා අල්ලයි

මාර් 21, 2024

    කොටියකු මරා මස් සහ දත් නිය හම හිස විකිණීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ කැබිතිගොල්ලෑව පොලිස් අධිකාරී එම්.එස්.කේ. වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ආර් වීරනායක ඇතුළු නිලධාරීන් කළ වැටලීමකදී.

    පදවිය රක්ෂිතයේ දුටු වැව ප්‍රදේශයේ සැරි සැරූ කොටියෙකු මෙලෙස මරා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මරා දැමූ කොටියාගේ ශරීර කොටස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2024 15:29

    Latest News