සිංගිමලේ වතුර සිදේ හැටන් ගම්මුන්ට සීමා

මාර් 12, 2024
    හැටන් ප්රදේශයේ ජල පාරිභෝගිකයන්ට දින දෙකකට වරක් පානිය ජලය සීමාකර ලබාදීමට සිදු වන බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හැටන් කාර්යාලය විසින් ශබ්ද විකාශන යන්ත්ර මගින් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට පියවර ගැනුණා.

    ඒ, මධ්යම කදුකරයේ බටහිර බැවුම් ප්රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ජල මුලාශ සිදියාම හේතුවෙන්.

    හැටන් කාර්යාලයේ ජල ටැංකි වෙත ජලය ලබාගන්නා සිංගිමලේ ජලාශයේ සහ දික්ඔය, ඔටරි ප්රදේශයෙන් ජලය ලබාගන්නා දික්ඔය ඇළෙහි ජල ධාරිතාව පහළ බැස තිබෙනවා.
     
    පවත්නා තත්ත්වය මත අරපිරිමැස්මෙන් පානීය ජලය භාවිතා කරන ලෙස බලධාරීන්, පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
     
    මේ අතර පවතින අධික වියළි කාලගුණයත් සමග ජල මුලාශ පිහිටි රක්ෂිතවලට ඇතැම් පිරිස් විසින් ගිනි තැබිම් හේතුවෙන් මේ වන විට ජල මුලාශ සිදී යෑමට හේතුවී තිබෙනවා.
     
    වතු ආශ්රිත ප්රදේශවල පානිය ජල ගැටළුවක් මතු වි ඇති අතර , කාසල්රි සහ මවුස්සාකැලේ යන ප්රධාන ජලාශවලද ජල ධාරිතාව 25% කින් පමණ පහළ බැස ඇති බව ද එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා.

    Latest News