අද ලෝක රූපවාහිනී දිනයයි

නොවැ 21, 2023
    රූපවාහිනිය වර්තමානය වන විට ඕනෑම නිවසක දකින්නට හැකි සාමාන්ය භාණ්ඩයක් වී අවසාන යි. වර්තමානය වන විට ලොව පුරා මිලියන ගණනින් භාවිතා වූවත් රූපවාහිනිය උරුමකම් කියන්නේ වසර සියයකටත් වඩා අඩු ඉතිහාසයකට බව ඔබ දන්නවා ද ?

    1888 අගෝස්තු මස 13 වනදා මහා බ්රිතාන්ය කිරීටයට අයත් ස්කොට්ලන්තයේ, ඩන්බාර්ටන් ප්රදේශයේදී උපත ලැබූ ජෝන් ලොගී බෙයාඩ් එහි නිර්මාතෘවරයායි.

    විසිවන සියවස ආරම්භවන විට රූප පෙට්ටියක් ඔස්සේ රූපරාමු ග්රහණය කර නිවසේ සිට එය නැරඹීම සිහිනයක් පමණක්ව පැවති පසුබිමක එම වටිනා කර්තව්යය ඉටුකර ගැනීමට පළමු සාර්ථක පියවර තැබීමට මොහුට හැකිවිය. එයින් ලෝක ජනතාවට රූපවාහිනී යන්ත්රය දායාද විය.
     
    1996 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නොවැම්බර් 21 වන දින ලෝක රූපවාහිනී දිනය ලෙස ප්රකාශයට පත් කරන ලදි. එලෙස එම දිනය ප්රකාශයට පත්කලේ මුල්ම ලෝක රූපවාහිනී සංසදය පැවැත්වූ දිනය සිහිකරමිනි.
     
    මෙම සංසදය පැවැත්වීමට මූලික අරමුණ වූයේ ලොව වටා සාමය හා ආරක්ෂාව පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් තීරණ ගැනීම සහ මහජන මතය මත රූපවාහිනියට ඇති වූ බලපෑම විශ්ලේෂණය කිරීම සඳහායි.
     
    ලෝක රූපවාහිනී දිනයේ අරමුණ හුදෙක් රූපවාහිනිය නම් වූ විද්යුත් උපකරණය ඇගයීම නම් නොවේ.මෙම දිනයේ අරමුණු වන්නේ රූපවාහිනිය සමාජයීය තීරණ ගැනීමේ දී ඇතිකරන බලපෑම වැඩි කිරීම,විනිවිද භාවයකින් යුක්තව අපක්ෂපාතීව නිවැරදි සිද්ධි ජනතාව වෙත ගෙන යාමයි.

    Latest News