සවසට මොර සූරන වැස්සක්

මාර් 26, 2024
    දකුණු පළාතේත්, අම්පාර සහ මොනරාගල දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (26) මි. මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
     
    මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
    Last modified on බදාදා, 27 මාර්තු 2024 10:41

    Latest News